ස්ථානීය සිතියම
දින දර්ශනය
ආයුබෝවන්
බස්නාහිර පළාතේ පළාත් පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව පළාතේ පළාත් පාලන ආයතන සඳහා අධීක්ෂණයෙන්ද වැඩසටහන් සඳහා පසුවිපරම් කිරීම හා අදාල උපදෙස් සැපයීම හා අවශ්‍ය සහයෝගය ලබාදීම මඟින් සම්බන්ධීකාරත්වය සිදු කරයි. මෙම ක්‍රියාවලියේදි මධ්‍යගතව පවතින බලය දිස්ත්‍රික්ක තුල විමධ්‍යගත කිරීමේ අරමුණින් යුතුව 1995 වර්ෂයේ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත විය. දිස්ත්‍රිකකයේ සංවර්ධන කාර්යයන් ඇතුළු පොදු උපයෝගීතා සේවාවන් සෞඛ්‍ය වැනි කටයුතු මහජන සුබ සිද්ධිය හා සුබසාධනය වෙනුවෙන් පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කිරීමේදි ඊට අදාලව දිස්ත්‍රික් මට්ටමින් එකී කාර්යයන් අධීක්ෂණය කිරීම, පසුවිපරම් කිරීම අදාල උපදෙස් සැපයීම හා අවශ්‍ය සහය ලබා දීම පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.
පළාත් පාලන කොමසාරිස්තුමියගේ පණිවිඩය.
ප්‍රාදේශිය ආණ්ඩුකරණයේ නියැලෙන බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සඳහා අධීක්ෂණය, උපදෙස්දීම හා මගපෙන්වමින් බස්නාහිර පළාතේ දැක්ම තුළ අනුගත වෙමින්, එම ආයතන වලින් ජනතාවට ඉටුවිය යුතු අරමුණු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකිරීමට අවශ්‍යම සහාය ලබාදීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ.
ව්යප්ස්ථාපිතව සංස්ථාපනය වී ඇති පළාත් පාලන ආයතනවලට අවශ්‍ය නීතිමය සහාය, ප්‍රාග්ධන සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සැපයීම, කසළ කළමනාකරණය, මානව සම්පත් සංවර්ධනය, කාර්ය මණ්ඩලය ලබාදීම යන සේවාවන් වාර්ෂිකව පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනු ලබයි. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ පෙන්වා දී ඇති පරිදි ග්‍රාමීය ආර්ථිකය දියුණු කරමින් යහපාලනයෙන් යුතු පළාත් පාලන සේවාවක් සඳහා මහජනතාව රාජ්‍ය ආයතන අතර ඵලදායී සන්නිවේදන මෙවලමක් වනු ඇති බවට මාගේ විශ්වාසයයි.
මෙහි දෙවන අදියරේදී පළාතේ සියළු පළාත් පාලන ආයතන හා දෙපාර්තමේන්තුව එක්වනු ලබන ජාලගත කිරීම, සංවර්ධනයෙන් පෙරට යන බස්නාහිර පළාතේ ජනතාවට සාර්ථක තෝතැන්නක් වනු ඇත.
එස්.කේ. ජයසුන්දර
පළාත් පාලන කොමසාරිස්
පළාත් පාලන කොමසාරිස් කාර්යාලය,
බත්තරමුල්ල.
පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ පණිවිඩය.
ඊ.පී.ඩී.කේ ධර්මපාල
පළාත් පාලන සහකාර කොමසාරිස්
පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය.
කොළඹ
දිස්ත්‍රික් සිතියම
පුවත්
2019 වාර්ෂික වෙසක් ධර්ම දේශනාව
අප සමඟ සම්බන්ධ වන්න
ලිපිනය
පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය
9 වන මහල,
පළාත් සභා කාර්යාල සංකිර්ණය
අංක 204,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
බත්තරමුල්ල
දුරකථන අංක
+94112092828
ෆැක්ස් අංකය
+94112092717
විද්‍යුත් තැපෑල
lgdwpcol@gmail.com
මාර්ග සිතියම
වෙනත් සබැඳියන්
පරිශීලකයින් ගණන
අද දින : 2 |
මෙම අවුරුද්දේ : 77 |
මෙම අවස්ථාවේ : 1 |