පැන විසඳුම්.

1.පළාත් පාලන ආයතන මගින් දැනට අනුමත කරගත හැකි ගොඩනැගිලි වල ප්‍රමාණයන් මොනවාද?

මහල් 4 (බිම් මහල + 3) ට අඩු සහ  වර්ග ප්‍රමාණය වර්ග අඩි 4000 ට අඩු ගොඩනැගිලි.

2.එවැනි ගොඩනැගිලි සැලසුම් පතක් අනුමත කර ගන්නේ කෙසේද?

පළාත් පාලන ආයතන මඟින් ලබා ගන්නා ලද ගොඩනැගිලි අයදුම් පත්‍රය නිවරදිව සම්පුර්ණ කර  ඒ සමග පහත සඳහන් ලේඛන හා සැලසුම් පත් සමග අදාල ආයතනයට භාර දිමෙන් පසු ස්ථාන පරික්ෂාව සිදුකර ගැටළු නොමැති නම් සැලසුම් කම්ටුවට යොමුකර අනුමැතිය ලබා දිම සිදු වේ.

  • නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග වලට අනුව සකසන ලද ගොඩනැගිලි සැලසුම් පත් පිටපත් 03 ක්
  • ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ඉඩමට අදාල පලාත් පාලන ආයතනයේ අනුමත කරන ලද පිඹුරු පතේ පිටපතක්
  • ඉඩමේ ඔප්පුවේ පිටපතක්

3.පළාත් පාලන ආයතනය මගින් දැනට අනුමත කර ගත හැකි පිඹුරු පත් මොනවාද?

පර්චස් 40 ට අඩු ඉඩම් කැබලි පමණි.

4.ඒවැනි පිඹුරුපතක් අනුම කර ගන්නේ කෙසේද?

නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය සමග පහත ලේඛන අදාල ආයතනයට වෙත බාර දිමෙන් පසු සැලැසුම් කමිටුවට යොමු කර අනුමැතිය ලබා දිම සිදු වේ.

  • බලය ලත් මිණිනිදෝරු වරයකු විසින් ඉඩමට අදාලව අඳින ලද පිඹුරු පතේ මුල් පිටපත හා ඡායා පිටපත් 02කි.
  • පිඹුරුපත පිළියෙල කිරීමට යොදාගත් පිඹුරුපතේ පිටපතක්.
  • ඉඩමේ අයිතිය තහවුරු කිරීමට ඔප්පුවේ පිටපතක්

5.පළාත් පාලන ආයතන සදහා අනුමත කාර්ය මණ්ඩලයට අළුතින් තනතුරු ඇතුළත් කරන්නේ කෙසේද?

අදාල කාර්යය මණ්ඩල අවශ්‍යතා නිර්නය කිරිමේ නිර්දේශවලට අනුකූලව ආයතන ප්‍රධානියා විසින් සම්පුර්ණ කරන ලද පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ නිර්දේශ සහිත පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කිරිම.

  • විධිමත්ව සම්පුර්ණ කරන ලද මු.රේ. 71 ආකෘති පතේ පිටපත් 06 ක්
  • සාධාරනිකරන වාර්තාවේ පිටපත් 06 ක්
  • ඇමුණුම් 01 ආකෘති පත්‍රෙය් පිටපත් 06 ක්
  • සභා තිරණයේ පිටපත් 06 ක්
  • පළාත් පාලන ආයතන සභා අරමුදලින් වියදම් කිරිමේ දි විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කල යුතු ලියවිලි මොනවාද?
  • වියදම් ඇස්තමේන්තුවේ පිටපත් 3 ක්
  • අදාල සභා තිරණය ඇතුලත් සභා වාර්තාවේ උද්දෘතයෙහි සහතික කරන ලද පිටපත් 3 ක්
  • ප්‍රවර්ථන ආදායම් හා හිග ආදායම් අයවිමේ ප්‍රගති වාර්තාවේ පිටපත් 3 ක්

6.පළාත් පාලන ආයතන විසින් මාර්ගයක් නම් කිරිමේ දි 1975 අංක 4 දරණ විථි නම් කිරිමේ සහ ස්මාරක පිහිටුවිම පාලනය කිරිමේ පනත සහ ප්‍රා දේශිය සභා පනතේ 198 වැනි වගන්තිය හෝ නගර සභා අඥා බනතේ 55(අ) වගන්තිය අනුව විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කිරිම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි මොනවාද?

  • විථි නම් කිරිම සදහා අයදුම්පතේ පිටපත් 3 ක්
  • සහතික කරන ලද විරෝධතා කැදවිමේ දැන්විමේ පිටපත් 3 ක්
  • අදාල සභා තිරණය ඇතුලත් සභා වාර්තාවේ උද්දෘතයෙහි සහතික කරන ලද පිටපත් 3 ක්
  • විරෝධතා ලද නම් විරෝධතා පරික්ෂණයේ තිරණ ඇතුලත් වාර්තාවේ පිටපත් 3ක්

7.ප්‍රාදේශිය සභා විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග ගැසට් පත්‍රයේ පල කිරිමට පෙර ප්‍රාදේශිය සභා පනතේ 24(1) වගන්තියට අනුව පළාත් පාලන විෂය භාර ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනිම සදහා පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත ඉදිරිපත් කල යුතු ලියකියවිලි මොනවාද?

  • එම පවරා ගැනිම සම්බන්ධයෙන් තිරණය ලන්නා ලද වාර්තාවේ සහතික කල පිටපත් 3 ක්
  • මාර්ග ලයිස්තුවේ සහතික කල පිටපත් 03 ක්
  • දැන්විම් ප්‍රසිද්ධ කල බවට විරෝධතා කැදවු දැන්විමේ සහතික කරන ලද පිටපත් 3 ක්

8.දෙපාර්තමේන්තුවේ චක්‍රෙල්ඛ LGD/01/2017 අනුව නිකුත් කර ඇති පළාත් පාලන ආයතන සදහා අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශයේ සදහන් විගණන කම්ටුවක සංයුතිය සකස් විය යුත්තේ කේසේද?

විගනන කම්ටුවේ තනතුර ධුරය/නිත්‍ය තනතුර
මහා නගර සභා නගර සභා හා ප්‍රාදේශිය සභා
සභාපති නාගරික කොමසාරිස් සභාපති
සමාජික ප්‍රධාන ගණකාධිකාරි ෙල්කම්
සමාජික අංශභාර ගණකාධිකාරි/ගිනුම් අංශ ප්‍රධානි ගිනුම් අංශ ප්‍රධානි
සම්බන්ධිකාරක අභ්‍යන්තර විගණන නිලධාරි අභ්‍යන්තර විගණන නිලධාරි
නිරික්ෂක විගණකාධිපතිගේ නිරික්ෂක හා විමර්ශන නිලධාරි විගණකාධිපතිගේ නිරික්ෂක හා විමර්ශන නිලධාරි

9.පළාත් පාලන ආයතන සදහා අභ්‍යන්තර විගණන මාර්ගෝපෙද්ශයට අනුව වාර්තා ඉදිරිපත් කල යතුතේ ඇයි.?

  •  උපෙල්ඛන අංක 02 හි දක්වා ඇති පරික්ෂා කිරිම් වලට අදාලව අභ්‍යන්තර විගණන නිලධාරි විසින් සකස් කර ලබා දෙන රහස්‍ය වාර්තා හැර අනෙකුත් වාර්තා මාසික සභා රැස්විම පැවැත්විමට දින 7 කට පෙර කොමසාරිස්/ලේකම් වෙත වාර්තා ඉදිරිපත් කිරිම.
  • ඒකි වාර්තාවේ පිටපත් දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් විගණන අධිකාරිට යොමු කිරිම.
  • අභ්‍යන්තර විගණනය සිදු කිරිමේ දි ආයතන සංග්‍රහෙය් XLVII පරිච්ඡේදෙය් පළමු හා දෙවන උප ලේඛනෙය් සදහන් විෂමාචාරයන් නිලධාරින් සිදුකර ඇති බව ට අභ්‍යන්තර විගණන නිලධාරින් විසින් ලබා දෙන රහස්‍ය වාර්තා විනය බලධාරියා වෙත යොමු කිරිම.

10.පළාත් පාලන ආයතන පොදු කාර්යයන් සදහා ඉඩම් අත්පත් කර ගැනිමට ඉදිරිපත් කල යුතු ලියකියවිලි මොනවාද?

  • පළාත් පාලන කොමසාරිස් 02 අකෘතිය ඉඩම් අයදුම් පත්‍රය පිටපත් 08 ක්
  • සභා සම්මත යෝජනාවේ සහතික කල පිටපත් 08 ක්
  • අත්පත් කර ගැනිමට යෝජිත ඉඩම දැක්වෙන බලයලත් මිනින්දෝරුවක් විසින් පිලියෙල කරනු ලැබු සහතික කරන ලද පිඹුරු පිටපත ඉඩමේ අයිතිකරුවන්ගේ සංඛ්‍යාව අනුව එක් අයිතිකරුවෙකු වෙනුවෙන් එක් පිටපතක් බැගින් හා ඊට අමතරව පිටපත් 05 ක්
  • ඉඩමේ අයිතිකරුවන්ගේ නම ලිපිනයන් හා මායිම් පිලිබද විස්තර අඩංගු ප්‍රාදේශිය ලේකම් වාර්තාව පිටපත් 08 ක්
  • අත්පත්කර ගැනිමට යෝජිත ඉඩමට අදාලව ප්‍රධාන තක්සේරුකරුගේ ලබා ගත් මුලික තක්සේරු වාර්තාව පිටපත් 08 ක්
  • ඉඩෙම් මුලික තක්සේරු වටිනාකම අනුව ප්‍රාදේශිය ලේකම් වෙත මුදල් තැම්පත් කරන ලද ලදුපෙත් සහතික කල පිටපත් 08 ක්
  • ඉඩම් අත්පත් කර ගැනිම සදහා අවශ්‍ය වන මිනුම් හා දැන්විම් ගාස්තු සදහා ප්‍රාදේශිය ලේකම් වෙත මුදල් තැම්පත් කරන ලදුපෙත් සහතික කල පිටපත් 08 ක්
  • ඉ.අ. 03 දරණ ඉල්ලුම් පත්‍රය හා විස්තර ප්‍රකාශයේ පිටපති 08 (ඉඩම් අත්පත් කර ගැනිම 38(අ) අතුරු විධානය යටෙත් සිදුකල යුතු නම් උපෙල්ඛන අංක 02 පිටපති 08 ක්, අත්පත් කර ගැනිමට යෝජිත ඉඩෙම් බුක්තිය ඉඩම් අත්පත් කර ගැනිමේ පනෙත් 38(අ) අතුරු විධානයක් යටෙත් ලබා ගැනිම ඉල්ලුම් කරන්නේ නම් ඒ සදහා ඒකි අත්පත් කිරිම ඉඩම් අත්පත් කර ගැනිමේ පනතින් 38(අ) අතුරු විධානය යටෙත් සිදු කල යුතු බවට වෙනම සභා යෝජනාවක් සම්මත කල යුතු )
  • අත්පත් කර ගැනිමට යෝජිත ඉඩම් සුසාන භුමියක් සදහා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාවද ගොඩනැගිල්ලක්, පාරක් හෝ වෙනත් පොදු කටයුතුතක් සදහා නම් මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ පිලිබද සහතික කරන ලද පිටපත් 08 ක්

11.පළාත් පාලන ආයතන වාහන මිලට ගැනිම සදහා රාජ්‍ය වියදම් පාලනය කමිටුවේ අනුමැතිය ලබා ගැනිම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි මොනවාද?

  • ඉල්ලිම් ලිපියේ සහතික කරන ලද පිටපත් 06 ක්
  • අවශ්‍යතාවය දැක්වෙන ලිපියේ සහතික කරන ලද පිටපත් 06 ක්
  • රාජ්‍ය වියදම් පාලන කම්ටුවේ ඉල්ලුම් පත්‍ර යේ සහතික කරන ලද පිටපත් 06 ක්
  • ඒන්.බි.ඒෆ්. පොරමය සහතික කරන ලද පිටපත් 06 ක්
  • පරිපාලන කම්ටු වාර්තාවේ සහතික කරන ලද පිටපත් 06 ක්
  • අදාල සභා තිරණෙය් උද්දෘතයේහි සහතික කරන ලද පිටපත් 06 ක්
  • ගිනුම් වාර්තාවේ සහතික කල පිටපත් 06 ක්
  • සභාවේ වර්තමාන මුදල් තත්වය දැක්වෙන වාර්තාවේ සහතික කරන ලද පිටපත් 06 ක්
  • මිළ ගනන් කැදවිමේ ලිපියේ සහතික කරන ලද පිටපත් 06 ක්
  • සභාවේ පවතින වාහන පිලිබදව විස්තරයේ සහතික කරන ලද පිටපෙත් 06 ක්

12.චක්‍රෙල්ඛ අංක LGD/08/2016 අනුව පළාත් පාලන ආයතන දේපළ සම්බන්ධයෙන් බදු හෝ කුලි ගිවිසුම් සදහා ගිවිසුම්ගත විමේදි සලකා බැලිය යුතු කරුණු මොනවාද?

  • ගිවිස ගැනිමට විෂය ගතවන දේපළ පිලිබදව පළාත් පාලන ආයතනයනට ඇති අයිතිවාසිකම් සම්බන්ධෙයන් සෑහිමකට පත්වය හැකි අකාරයට අයිතිය තහවුරු කරන ලේඛණ සකස් වි තිබිම.
  • පළාත් පාලන ආයතනයට අයිති දේපළ භෞතිකව හදුනා ගැනිමට මිනින්දෝරුවක් මගින් මිනුම් කිරිම, මායිම් පිහිටුවිම සහ ඊට අදාළ සැලසුම් පිලියෙල කිරිම.
  • ගිවිසුම් ගත විමට පුර්වයෙන් සැලකිය යුතු අවශ්‍යතා සම්පුර්ණ කිරිම.
  • ගිවිසුම් ගතවිම සදහා ප්‍රසම්පාදනය මගින් වඩා වාසිදායක පාර්ශවයන් තෝරා ගැනිම.
  • සියළු ගිවිසුම් කෙටුම්පත් කර සභාව මගින් අනුමත කර ගැනිම.
  • ගිවිසුමෙහි සුරක්ෂණය සදහා සුදුසු ඇපයක් ලබා ගැනිමට ක්‍රියා කිරිම.
  • ගිවිසුම් ගත විම සහ ගිවිසුම් කාලය තිරණය කිරිම.
  • ගිවිසුම අවසන්කිරිම හෝ ගිවිසුමේහි කාලය දිර්ඝ කිරිම.