අප ගැන
හැඳින්වීම
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය, දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 සඳහා අධීක්ෂණයන්ද, උපදෙස් ලබාදීමෙන්ද, මඟ පෙන්වන්නෙකු ලෙසද බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීම යටතේ කටයුතු සිදු කරනු ලබයි.
රජයේ දැක්මට සමගාමීව පළාත් දැක්මට අනුගතවෙමින් දෙපාර්තුමේන්තු දැක්මට බද්ද වෙමින් ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමඟින් මානව සම්පත් කළමනාකරණය, ආයතන සම්බන්ධතාව, සමාජීය ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඉලක්ක කරගනිමින් සියළු කටයුතු සිදුකරයි.
මෙම ක්‍රියාවලියේදී මධ්‍යගතව පැවති බලය විමධ්‍යගත කිරීමට 1995 වර්ෂයේ ගත් තීරණ පරිදි කොළඹ දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කර ඇත.කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් ඇතුළු පොදු උපයෝගීතා සේවාවන් සෞඛ්‍ය වැනි කටයුතු මහජන සුබසිද්ධිය හා සුබසාධනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 එනම් මහා නගර සභා 5 ක්, නගර සභා 5 ක් හා ප්‍රාදේශිය සභා 3 ක් ක්‍රියාත්මක වීමේදී එකී කාර්යයන් සඳහා අවශ්‍ය උපදෙස් දීම, මග පෙන්වීම, අධීක්ෂණය හා අවශ්‍ය සහය ලබාදීම මෙම කාර්යාලයෙන් සිදුවේ.
දැක්ම
“ යහ පාලනයෙන් සපිරි ඵලදායී පළාත් පාලන සේවාවක් ”
මෙහෙවර
“ පළාත් පාලන ආයතන හා සේවාලාභීන් සඳහා සුහද මිතුරෙකු මග පෙන්වන්නෙකු මෙන්ම දාර්ශනිකයෙකු ලෙස කටයුතු කරමින් පළාත් සභා බල ප්‍රදේශය තුල යහපත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට සහතික වීමයි. ”
අරමුණු
- කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 හි මානව සම්පත් කළමනාකරණය හා විනය කටයුතු පවත්වාගෙන යාම සඳහා පළාත් පාලන ආයතනවලට හා පළාත් පාලන දෙපාර්තුමේන්තුවට සහය වීම.
- බස්නාහිර පළාතේ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනවලට ලබාදෙන මූල්‍ය ආධාර මහජන අවශ්‍යතා ඉටුවන පරිදි විනිවිදභාවයෙන් යුතුව භාවිතා කිරීම හා අධීක්ෂණය කිරීම.
- දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට වඩා ඵලදායී කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට හැකිවන පරිදි සැලසුම් සහගතව පුහුණු කටයුතු මෙහෙයවීම තුලින් මානව සම්පත් සංවර්ධනය කිරිම.
- පළාතේ පළාත් පාලන විෂය භාර ගරු ඇමතිතුමාට පැවරී ඇති බලතලවලට අනුව දිස්ත්‍රික්කයට අදාලව පවරනු ලබන අධීක්ෂණ හා පරීක්ෂණ කටයුතු ඉටුකිරීම.
- දිස්ත්‍රික්කයේ හඳුනාගත් මහජන අවශ්‍යතා අනුව ප්‍රජා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
- දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල යහපත් පාලනය සහතික කිරීම කරුණු සඳහා උපදෙස් දීම හා මගපෙන්වීම.
- දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල කටයුතු මෙහෙයවීම සඳහා විධිමත් හා සැලසුම් සහගත වැඩ පිළිවෙලකට යොමුකිරීම.
- දිස්ත්‍රික්කය තුල යහපත් පරිසරයක් ඇතිකර සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමෙහිලා අදාල ආයතන සමඟ එක්ව පරිසර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම.