කාර්යයන්
- නගර සභා, ප්‍රදේශිය සභා ලේකම් වරුන්ගේ හා කාර්යාල නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරිම.
- නිලධාරින්ගේ ස්ථාන මාරු වලට අදාල කටයුතු සිදු කිරිම.
- දිස්ත්‍රික්කයේ සියළුම ආයනවල ආයන ගත කටයුතු හා තනතුරු අනුමත කිරිමට අදාල නිර්දේශ ඉදිරිපත් කිරිම.
- කාර්යාල නිලධාරින්ගේ සියළුම ආයතන, ගිනුම් කටයුතු සමඟ කාර්යාලය පවත්වාගෙන යාම.
- සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල ගෙවිම් කටයුතු කිරිම.
- පළාත් පාලන කොමසාරිස් ව්‍යාපෘති බලධාරියා වශයෙන් නම් කරනු ලබන සියළුම මුලාශ්‍ර යටතේ ලැබෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ කටයුතු සිදු කිරිම.
- සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරිම.
- සංවර්ධන ව්‍යාපෘතිවලට අදාලව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දිම.
- ඉහල ආයතනවලින් හෝ සෘජුවම කාර්යාලයට ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කොට වාර්තා ඉදිරිපත් කිරිම.
- මහජන පැමිණිලි විසදිම සදහා අවශ්‍ය උපදෙස් ආයතනවලට ලබාදිම හා පසු විපරම් කිරිම.
- මහා නගර සභා අඥා පනතේ 317(1) වගන්තිය අනුව වාර්තා ඉදිරිපත් කිරිම.
- නගර සභා අඥා පනතේ 198 වගන්තිය ප්‍රකාරව වාර්ෂික වාර්තාවලට අදාල තොරතුරු රැස්කර නිර්දේශ සහිතව ඉදිරිපත් කිරිම.
- ප්‍රදේශිය සභා පනතේ 196(1) (ඈ) වගන්තිය ප්‍රකාරව පරික්ෂා කර තොරතුරු රැස්කර නිරික්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරිම.
- කාර්යාල පරික්ෂණ සිදුකර වාර්තා ඉදිරිපත් කිරිම.
- මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්), අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා පළාත් සභාවේ මහජන පෙත්සම් කාරක සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණ කටයුතුවලට අදාල වාර්තා ඉදිරිපත් කිරීම.
- පළාත් පාලන ආයතනවල තනතුරු ඇති කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.
- පළාත් පාලන ආයතනවලට අදාල අතුරු ව්‍යවස්ථා සම්පාදනය කිරීමට අදාල මඟ පෙන්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- පළාත් පාලන ආයතන විසින් ඉඩම් අත්පත් කර ගැනීම හා බදුදීම් සම්බන්ධව අදාල පළාත් පාලන ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ස්ථාවර තැන්පත් ආපසු ලබාගැනීම, දේශිය ණය අරමුදලෙන් ණය ගැනීම හා වෙනත් මූල්‍යමය කටයුතුවලදී පළාත් පාලන ආයතනයට අදාළ උපදෙස් ලබාදීම.
- පළාත් පාලන ආයතනයන්හි වාර්ෂික බදු පැනවීම් පිළිබඳ නිවේදන ගැසට් පත්‍රයෙහි පළ කිරීමට පෙර පරීක්ෂා කර නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- මහ නගර සභා ආඥා පනතේ 188 වගන්තිය/ නගර සභා ආඥා පනතේ 159 වගන්තිය/ ප්‍රාදේශිය සභා පනතේ 132 වගන්තිය ප්‍රකාරව වියදම් දැරීමට විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට පළාත් පාලන ආයතන වෙතින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- පළාත් පාලන ආයතනයන්හි මහා සභා වාර්තා/ තීරණ පොත් පිළිබඳව මාසිකව අධ්‍යයනය කර නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- අධිභාර පරීක්ෂණ පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තා ඉදිරිපත් කිරීම.
- පළාත් පාලන ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන මු.රෙ. 115 වාර්තා සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- පළාත් පාලනයට අදාල නීති රීති අනුව පළාත් පාලන ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා මඟ පෙන්වීම.
- විගණකාධිපති වාර්තා හා විගණන විමසුම් පිලිබද පැන නගින කරුනු සඳහා අවශ්‍ය උපදෙස් දීම හා පසු විපරම් කිරීම.
- වාර්ෂික අයවැය ලේඛණය හා අවසාන ගිණුම පිළියෙල කිරීම සඳහා පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා මූලධර්ම අනුව අවශ්‍ය උපදෙස් ලබාදීම.
- මාසික ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධයෙන් මඟ පෙන්වීම.
- පළාත් පාලන ආයතනවල මාසික විගණන හා කළමනාකරන කමිටුවලට සහභාගී වීම හා මඟ පෙන්වීම
- පළාත් පාලන ආයතනවල අවසන් ගිණුම් සඳහා යහපත් විගණන මතයන් ලබාගැනීමට මඟ පෙන්වීම.
- පළාත් පාලන ආයතනවල ව්‍යවස්ථාපිත ආදායම් අයකර ගැනීමට උපදෙස් දීම හා මඟ පෙන්වීම.
- දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සතු පුස්තකාල වඩා ඵලදායි සේවාවක් ලබාදෙන ආයතන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මගපෙන්විම ලබා දිම.
- දිස්ත්‍රික්කයේ පුස්තකාල ශේණිගත කිරිම සදහා ලැබෙන යෝජනා සදහා නිර්දේශ ඉදිරිපත් කිරිම.
- දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රශස්ථ සේවාවක් සැපයිම සදහා උපදෙස් ලබා දිම හා මඟ පෙන්විම.
- දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරිම සදහා විවිධ වැඩ සටහන් සංවිධානය.
- පළාත් පාලන ආයතන සතු පෙර පාසල් මුල් ළමා විය සංවර්ධනයට උචිත අකාරයට පවත්වාගෙන යාමට මඟ පෙන්විම.
- බල ප්‍රදේශයේ ජනාවගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවිම සදහා අවශ්‍ය වැඩ සටහන් සංවිධානය සදහා මඟ පෙන්විම.
- වාර්ෂිකව සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් සාහිත්‍ය උත්සව හා විවිධ වැඩ සටහන් සංවිධානය.
- පරිසර බලපත්‍ර ලබා දිමට අදාල මග පෙන්විම සිදුකිරිම.
- අපද්‍රව්‍ය කලමනාකරණ කටයුතු විධිමත් කිරිමට අවශ්‍ය උපදෙස් මග පෙන්විමට දිරි ගැනිවිම සිදු කිරිම.